අපි Kandy සංවිධානය මඟින් සංවිධානය කරණු ලැබූ පොත් හා පාසල් උපකරණ ලබාදීමේ දෙවන අදියර 2019 ජූලි මස 28 වන ඉරුදින විපුලානන්ද විදුහලේ දී දියත් විය.
එහිදි විශේෂයෙන් අපි kandy සමූහයේ සමාජික සමාජිකාවන්ගේ එකතුව ඇතුව සුසිත කොලගොල්ල වැනි මහත්වරුන් ගේ දායකත්වය ඇතිව ඔවුන්ට මෙම ඉල්ලීම සපුරාලීම අප හට හැකිවිය. මෙහිදි අපගේ අවධානය යොමු වූයේ ඔවුන් ගේ ඉල්ලීමවූ චිත්‍ර පන්තිය සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමයි.එදින පාසල් නිවාඩු දිනයක් හෙයින් එදාට වඩා පාළුවක් එහි තිබුණට ගුරු මණ්ඩලයේ ආගන්තුක සත්කාරය ඉතා ලෙන්ගතු විය.

අප පොහොසත් විය යුත්තේ හදවතින් හා මනසින් මිස බැංකු පොත් තුල,අල්මාරි සේප්පු තුල, සගවා රැස් කරන වත්කම් නොවන බව වටහා ගත් පරාර්ථකාමී දනට පිනට කැමති පුද්ගලයා හැම අතින්ම පොහොසත් පුද්ගලයකි..
අප අපට හැකි පමණින් අසරණයන්ට පිහිට විය යුතුය හැගීමෙන් යුතුව මෙවන් සමාජ සත්කාරයන් හා අප සමඟ සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අප විවෘතයි..! "


