අපි Kandy තරුණ එකමුතුව විසින් සිදුකරන ලද, දුෂ්කර පාසල් වලට පොත් ලබා දීමේ පළමු සහ දෙවන අදියරයන් අවම පහසුකම් සහිත පාසලක් වන මඩුල්කැලේ විපුලානන්ද දමිළ විදුහලේදී සිදුකෙරිණ.
අපි_Kandy අප කුඩා සමූහයක්,නමුත් අපගේ අරමුදලින් හා අපගේ දැනුවත් කීරීම් මගින් අපට ලැබුණු දායකත්වයන් මත අපට අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉංග්රීසි භාෂා පුහුණු පොත් කට්ටලයන් මෙන්ම ඔවුන්ගේ කලා පංතියට අවශ්ය පාසල් උපකරණ රැසක් ලබා දීමට අපට හැකිවිය,
එහිදි විශේෂයෙන් #අපි_kandy සමූහයේ සමාජික සමාජිකාවන්ගේ එකතුව ඇතුව සුසිත කොලගොල්ල,සුරේෂ්ම මධුෂංක, අනුරුද්ධ_අබේකෝන් යන මහත්වරුන් ගේ දායකත්වය ඇතිව ඔවුන්ට මෙම ඉල්ලීම සපුරාලීම අප හට හැකිවිය. මෙහිදි අපගේ අවධානය යොමු වූයේ ඔවුන් ගේ ඉල්ලීමවූ චිත්‍ර පන්තිය සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමයි.
මෙය එක් හුදෙක් පාසලක් පමණි නමුත් ඩිජිටල් ගුරුවරු ,ටැබ් පරිගණකවලට වඩා පාසල් වලට බොහෝ මූලික අවශ්යතා පවති, හිසට සෙවනක්,විෂයයන් වලට ප්රමාණවත් ගුරුවරු නොමැති වීම , විවිධ පොත්වල අඩුපාඩුකම් මෙන්ම පාසලට ඒමට නිසි ගමන් මර්ගවත් නොමැති තත්ත්වය ද අද නගරයෙන් ඔබ්බට ගිය ගමේ පාසල් වල දක්නට ලැබේ.. එය "කොළඹට කිරි ගමට කැකිරි" සංකල්ප නැතිකොට ගමටත් කිරි ඉතිරෙන මඟකට යොමුවිය යුතුය.
අප පොහොසත් විය යුත්තේ හදවතින් හා මනසින් මිස බැංකු පොත් තුල,අල්මාරි සේප්පු තුල, සගවා රැස් කරන වත්කම් නොවන බව වටහා ගත් පරාර්ථකාමී දනට පිනට කැමති පුද්ගලයා හැම අතින්ම පොහොසත් පුද්ගලයකි..
අප අපට හැකි පමණින් අසරණයන්ට පිහිට විය යුතුය හැගීමෙන් යුතුව මෙවන් සමාජ සත්කාරයන් හා අප සමඟ සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අප විවෘතයි..! "සුසිත කොලගොල්ල,සුරේෂ්ම මධුෂංක, අනුරුද්ධ_අබේකෝන් යන මහත්වරුන්ටත් අපව උණුසුම් පිළිගැනීමකින් හා සහයෝගයෙන් දායක වු විපුලානන්ද විදුහලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයටත් විශේෂ ස්තූතිය පලකර සිටිමු!
🔸මෙවන් ප්රජා සත්කාර සේවාවන් සදහා පිං කැමති ඔබට අපි KANDY Youth Organization සමූහයට එක් වන්න







